ජන මාධ්‍ය නිවේදනය

2017-02-12

අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවෙන් මතු වූ ජන බලය පෙන්නුම් කරන්නේ සමාජයේ පවතින කෝපාන්විත ආණ්ඩු විරෝධයේ  ප‍්‍රබලත්වයයිි. එමගින් මෙතෙක් කලක් ජනාධිපතිටත්, අගමැති ඇතුලූ ආණ්ඩුවටත් පැවති ජනවරමේ නීතියුක්තභාවය හකුලා දමා ඇත. පළාත් පාලන ඡුන්දයෙන් මතු වූ විරෝධය තුලනය කර ගැනිම සඳහා ආණ්ඩුව යම් උපක‍්‍රම යෙදීමට උත්සාහ දැරීම අපේක්ෂා කළ යුතුය.

වර්තමාන ආණ්ඩුවේ නව ලිබරල් ප‍්‍රතිපත්තිය නිසා ව්‍යසනයට පත් වී සිටින ගොවියන් කම්කරුවන් හා සෙසු පොදු ජනතාවගේ සටන්කාමී නැගිටීමේ ස්වභාවය මෙවර ඡුන්දයෙන් ප‍්‍රබලව පෙන්නුම් කර තිබේ. ගමෙන් මතු වූ ගොවි ජනතාවගේ ආණ්ඩු විරෝධය උතුරු මැද, වයඹ, දකුණ, ඌව හා සබරගමුව යන පලාත්වල ඡුන්දයෙන් දෙගොඩතලා ගොස් ඇත.

බස්නාහිර පලාතේ සහ පිටත ඇති යම් මහ නගර ප‍්‍රදේශ තුල ව්‍යාපාරික ප‍්‍රජාවගේ සහ නේවාසික ධනවතුන් ඇතුලූ මිශ‍්‍ර ජන ප‍්‍රජාවගේ බලපෑම නිසා  යූ.ඇන්.පි.ය එම තැන්වල සිය බලය රැුකගෙන ඇත. එසේම සම්ප‍්‍රදායික ප‍්‍රතිගාමිත්වයේ බල මධ්‍යස්ථානයක් ලෙස පවතින කොළඹ මහ නගර සභා ප‍්‍රදේශයේ යූ.ඇන්.පී. ඡුන්ද පදනම ආරක්ෂා වී ඇත්තේ සමාගම් අයිතිකරුවන්, බැංකුකරුවන් හා  වෙළඳ ආර්ථිකය සම`ග බැඳුනු මිශ‍්‍ර ජන ප‍්‍රජාවගේ යැපුම් සම්බන්ධතාව නිසාය. අනෙකුත් නාගරික ප‍්‍රදේශවල ස්වයං රැුකියාකරුවන්, දේශීය ව්‍යාපාරිකයින්, රාජ්‍ය හා පුද්ගලික සේවක ජනතාවගේ විරෝධය ආණ්ඩුවට එරෙහිව බලවත්ව ප‍්‍රකාශයට පත්ව ඇත. අර්ධ නාගරික ප‍්‍රාදේශීය සභා ප‍්‍රදේශ තුල ආණ්ඩුව හකුලා ගෙදර යවන ජන බලවේගයක් ආශ්චර්යමත්ව මතුවී ඇති බව ඉතා පැහැදිලිය.

මීට අමතරව ජනාධිපතිවරයාගේද, සජිත් පේ‍්‍රමදාසගේද ආධාර බෙදා හැරීමේ හා රාජ්‍ය සම්පත් මුදාහැරීමේ බලපෑම්ද ඒ ඒ ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂයට ලැබුණු ඡුන්දයෙන් පිලිබිඹු වේ. චන්දි‍්‍රකාගේ තෑගි බෙදාදීම් ඇතුලූ සියලූ බැලපෑම් අත්තනගල්ල හා දොම්පේ සභාවන්හි ජනතාව පරාජයට පත් කර ඇත. පොහොට්ටුවේ බලවේගයේ නාමයෝජනා ප‍්‍රතිකේෂ්ප වූ යම් පළාත් පාලන ප‍්‍රදේශයන්හි පවා යූ.ඇන්.පි.යට එසවී ඉදිරියට පැමිණීමට නොහැකි වී ඇත. එයින්ද පෙන්නුම් කරන්නේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා විකල්ප පියවරයන් ගැනීමට ඇති සූදානමයි.

2015 ජනවාරි 08 ජන වරමේ හා පසුව ආණ්ඩු පාර්ශවකරුවෙකු වූ ජ.වි.පෙ.ය ගමේ බලය ඔවුන්ට ලබාදීමට කළ ඉල්ලීමට ජනතාව නිසි පාඩමක් උගන්වා ඇත. ඔවුන්ගේ අස්වැසීමට තැනින් තැන ලැයිස්තු වලින් පත්වූ නියෝජනය පෙන්නුම් කරන්නේ යූ.ඇන්.පී. ආණ්ඩුව ගැන කලකිරුනු පිරිස්  ජ.වි.පෙ. ඔලොගුව තුල රිංගීමට ගත් උත්සාහයයි. ජ.වි.පෙ.ට ගමේ එකදු කොට්ඨාශයක්වත්  අපේක්ෂිත පරිදි දිනාගැනීමට නොහැකි වූයේ  ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශවල ඔවුන් වටා එක්වී  ඇත්තේ විසුරුනු, අවුලට පත්වූ සිහින් ජන තීරුවක් වන බැවින්ය.  එසේම ජ.වි.පෙ.යට සංවිධානාත්මක වැඩකරන ජනතා බලවේගයේ බලමු`ඵ කෙසේවත් දිනාගැනීමට නොහැකි වී ඇති අතර, නායකත්වය මේ වන විට වඩාත් දක්ෂිනාංශික නව ලිබරල් මතයට කොටුවූ අවස්ථාවාදයකට යටවී සිටී.  ඒ අනුව ගෝලීයකරණයෙන් අතරමං වූ  අතරමැද ජන කණ්ඩායම්වල ප‍්‍රකාශකයා බවට ජ.වි.පෙ.ක‍්‍රමයෙන් පත්වෙමින් සිටී. ඉතිහාසයේ පරිවර්තනයන් වටහා ගැනීමට අසමත් වූ කලාකරුවන්, විපිලිසරවූ සරසවි ගුරුන් අතලොස්සකගේ අදහස් සමාජ ගත කර ජනතාව මුලා කිරීමට ජ.වි.පෙ. දැරූ උත්සාහයද ව්‍යවර්තවී ගියේය.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ සන්ධාන බලයට අභියෝග කරන නව බලයක් මතුවී ඇති බව ඡුන්ද ප‍්‍රතිඵලය පෙන්නුම් කරයි.  ද්‍රවිඩ ජාතික විමුක්ති ව්‍යාපාරය ලාංකික ජාතිකත්වයට එක් කර ගැනීමේ ගැට`ඵවට විසඳුමක් ලබාදීමට වර්තමාන රජයට ද නොහැකිවී ඇතත්, ඔවුන් ලාංකේය ජාතිකත්වයට එක්වීමේ කැමැත්ත උතුරු නැගෙනහිර මෛති‍්‍රපාලට ලබාදී ඇති ඡුන්දයෙන් දැක්වේ.  අනාගතයේදී මෙයට වඩා වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් මෙම ප‍්‍රවනතාවය වර්ධනයවීමද සැලකිල්ලට ගත යුතුය. තවද නැගෙනහිර පලාතේ පොහොට්ටුව සම`ග සන්ධානගත වූ ටීඑම්වීපී හා වාමාංශික පෙරමුණ ආදීන් ලබා ගත් ඡුන්දයද මෙයට එක්විය යුතුය.  එමෙන්ම දමිල වතු සේවක ඡුන්දය තවමත් පොහොට්ටුව සම`ග පු`ඵල්ව පෙල ගැසී නොමැති වුවත්, යූ.ඇන්.පී. විරෝධීව තොන්ඩමන්ගේ කොන්ග‍්‍රසය ලබාගත් ජයග‍්‍රහනය පොදු ජන පෙරමුණ වෙත  එක්වීමේ ලක්ෂණ මධ්‍යම පළාතේ ප‍්‍රතිඵල මගින් පෙන්නුම් කරන්නේය.

නව ඡුන්ද ක‍්‍රමය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගති ලක්ෂණ වැඩි දියුණුව පවතින අතර, ගම නියෝජනය සඳහා ගමෙන්ම නියෝජිතයෙක් පත්වීම සාධනීය පෙරලියකි.  මනාප පොරයෙන් බැහැරවී නියෝජිතයන් මතුවීමද, වැඩි කාන්තා ප‍්‍රතිශතයකට ඉඩකඩ ලැබීමද, නවකයන් විශාල පිරිසක් යටතලයෙන් දේශපාලන කි‍්‍රයාකාරිත්වයට එක්වීමද, පෙන්නුම් කරන්නේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රබල දහරාවක් මෙම මැතිවරණය තුලින් ජනිත වී ඇති බවය. යූ.ඇන්.පි. විරෝධී සභාවන්හි බහුතරයක් මොවුන්ගෙන් සමන්විතවීමද වැදගත් සාධකයකි.

මෙවර පොහොට්ටුවේ ජයග‍්‍රහනයත් සම`ග බිම් මට්ටමේ ජනතලයෙන් මතුවූ නැගිටීමට අනුරූපව ආණ්ඩුව තුල හා පාර්ලිමේන්තු තුල කැළඹිලිකාරී ස්වභාවයක් හා විපර්යාෂයක් මතුවීම නොවැලැක්විය හැකිය. එහි ප‍්‍රථිපලයක් ලෙස විදේශික බලවේග සම`ග ගැටගැසී, ධනය හිමි ප‍්‍රභූවරුන් හා ජාවාරම්කරුවන්ගේ පිහිටාධාර ලබමින් මෙතෙක් පැවති ආණ්ඩුව දෙබෑවී යාමට හේතු වන අකුණු පහරක් ලෙස මෙම ඡුන්ද ප‍්‍රතිඵලය ගමන් කිරීම නොවැලැක්විය හැකිය.

මහින්දගේ ප‍්‍රතිරූපයෙන් ආකර්ශණය වී ඇදී එන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔහු තුලින් දකින්නේ අධිරාජ්‍යවාදයට හා නව ලිබරල් ආර්ථික වටපිටාවට යටත් නොවූ, ජාතික ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය, ජාතික සම්පත් සුරකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සුභසාධනවාදී ආර්ථික වටපිටාව ස්ථාවර කර ගැනීමය. එම ලකුණ යටපත් කළ නොහැකි නොසෙල්වෙන බලයක් ලෙස මෙවර ඡුන්දයෙන් ජනතාව ඉහලට ඔසවා තබා තිබේ. ජනතාවගේ ජයග‍්‍රහනය ඉදිරියට ගෙනයාමට උත්සාහ කරන පළාත් පාලන නියෝජිතයින් යූ.ඇන්.පී. විරෝධී දක්ෂිනාංශික නව ලිබරල් මාවතට එරෙහිව පොහොට්ටුවේ සභාපතිත්වයෙන් පිහිටුවන පළාත් පාලන බලය ශක්තිමත් කිරීමට එක්වන ලෙසද ආයචනය කරමු.

ඉදිරි කාලය තුල ජාතික මැතිවරණ පැවැත්වීම සඳහා යොමූ වූ අන්තර් කාලීන භාරකාර ආණ්ඩුවක් ඉස්මතුවීම එලි දැකිය යුතුය. එමගින් ආණ්ඩුවේ නියෝ ලිබරල් දර්ශනය හා වැඩ සැලැස්ම අත්හිටුවීමද නිසැකව සිදුවිය යුතුය. එසේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දය ලබන යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වහාම සම්මත විය යුතුය. ජයග‍්‍රාහී පොහොට්ටුවේ ජන බලවේගය රට ඉදිරියට ගෙන යන ජනතාවාදී සංවර්ධන මාවතක විකල්ප ඇරඹුමකට පියවර තබනු ඇත.

ජනතාවට කැපවූ ගොලීයකරණයකට යොමු වූ, නවීන පන්නයේ සුභසාධන රාජ්‍ය රටාව ශක්තිමත් කරන වැඩපිලිවෙලක් අනාගත ආණ්ඩුවක මාවත විය යුතුය.  ඒ සඳහා ජයග‍්‍රහනය කළ පළාත් පාලන මන්ති‍්‍රවරුන් එක්වූ මහා සමු`ඵවකින් දියත් කරන වැඩබිම, ගොවිබිම, නගරය මුල් කරගත් ජනජීවිතය යථාවත් කෙරෙන ජාතික සංවර්ධන මාවතක් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයෙන් එලිදැක්විය යුතුය. එබැවින් හෙට සිටම පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහනයේ කවුලූවෙන් පළාත් සභා මැතිවරණයද, පාර්ලිමේන්තු මැතිවරණයද, ජනාධිපතිවරණයද ජය ගන්නා අධිෂ්ඨානශීලී ප‍්‍රතාපවත් ජනතා නායකයින්ගේ මුහුණු පොහොට්ටුවේ නියමුවන් මුල්වූ සන්ධානය ඔස්සේ ලාංකික ජනතාවට දැක බලගත හැකි වන බව නිවේදනය කරමු.

වාසුදේව නානායක්කාර(පා.ම.)

ලේකම්

අවජාතක හවුල් ආණ්ඩුව දෙපලූ කරන ජන බලයක් ජනතා බිමෙන් මතුවී ඇත.
Tagged on:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *