නායා යාමේ අනතුරට ලක්වන වැඩකරන ජනතාව

අප සැමට ජීවත්වීමට ඉතාම සුදුසු කාලගුණික පරිසරයක්ද, ඇති තරම් ඉඩකඩක්ද, ගහකොල, සතා සිව්පාවා සහිත ස්වභාවික සම්පතින් අනුනවද,  සැමට වසවිස නැති ආහාර පාන පලතුරු ඇති තරමි නිපදවිය හැකි ඉඩකඩක්ද, ශ්‍රී ලංකාව දූපතක් ලෙස නිර්මානය වූ කාල දවසේ සිට අපට උරුම විය.

බටහිර ආක්‍රමණ හා වානිජ බෝග වගාවන් ජන ජීවිතය උඩුයටිකුරු කරනු ලැබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1880න් පසුව ආරම්භ කරනු ලැබූ තේ වගාව නිසා මුලු කඳුකරයේම ස්වභාවික පැවැත්මද, ස්වදේශීකයින්ගේ ජන ජීවිතයද වියවුලකට පත් කරනු ලැබුණි. 1948 නිදහසින් පසුවද අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඇති කරනු ලැබූ ක්‍රියාමාර්ග නිසා පොදු ජනතාවට අදටත් ගැලවුමක් නැත.

1871 සංඛ්‍යාලේඛන වලට අනුව වානිජ භෝග සඳහා ඉන්දියාවෙන් ගෙන්වනු ලැබුණු ජනගහනය 1,23,000ක් පමණ විය. ඔවුන් වගාවන් පැතුරුණු දිස්ත්‍රික්ක 8 ක පමණ ස්ථානගත කෙරුනි. එම ජනගහනය  අදාල දිස්ත්‍රික්කවල ස්වදේශ ජනතාව සමඟ සසඳන කළ 11.84%කි. 1931 වන විට මෙම ජනගහනය 8,00,000 කි. ප්‍රතිශයක් ලෙස 3.5% පමණද විය.  2011 සංඛ්‍යාලේඛන අනුවද මෙම ජනගහනය  ලක්ෂ අටක් පමණ වූ අතර මුලු ජනගහනය සමඟ සසඳන කල 4.12% ක ප්‍රතිශතයක් නියෝජනය කරයි.

ස්වදේශීක වැසියන් අධිරාජ්‍යවාදීන්ගේ තේ වතුවල බැල මෙහෙවර කිරීමට අකමැති වීම නිසා ඔවුන් කඳුකරයේ පහල නිම්න ප්‍රදේශවලට එලවා දැමුනු අතර, ඉන්දියානු කම්කරුවන්  පදිංචි කරනු ලැබුවේ වගාවට අහිතකර කඳු බෑවුම්වල ලැයිම් කාමර පේලි වලය. ඔවුන්ට ගෙවූ අඩු වැටුප, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, අහාරපාන, මගී ප්‍රවාහන ඇතුලු ජනජීවිතයේ අඩුම පහසුකම් සහිත ශ්‍රම වහලූන් පිරිසකගේ තත්වයෙන් වතුකම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑම  සිදුවිය.  එම ක්‍රියාපිලිවෙත නිසා අධිරාජ්‍යවාදීන් පමණක් නොව ඔවුන්ගේ ලාංකික ඒජන්තයන්ද පොහොසතුන් විය. සේවක අයිතිවාසිකම් දිනාගැනීමට සටන් වැදුනු  වතු සමිති නායකයෙක් වූ ගෝවින්දන් සහෝදරයා මුල්ඔය වත්තේදී සුදු පාලකයින්ගේ වෙඩි උන්ඩයෙන් බිමහෙලා 1940දී යටත් කෙරුණි. නිදහසින් පසුව ද වතුවල තත්ත්වය වෙනස් නොවුන අතර 1972 වතු පවරා ගැනීම නිසා  ලාංකික ගැමියන්ට ඉඩකඩම් යම් ප්‍රමාණයක පදිංචිවීමට ඉඩකඩ ලැබුණි. 1987දී 13 වෙනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් සියලූ වතු කම්කරුවන්ට පුරවැසිභාවය හා ඡන්ද බලය ලැබීම විශාල ජයග්‍රහනයක් විය. එහෙත් ඔවුනගේ හිසමත පැටවූ විපත්කාරි කඳුබෑවුම්වල ලැයිම්කාමර ජීවිත ගෙවීමට බලකෙරුණු ‍ඓතිහාසික කරුමය අද වන තෙක් වෙනස් කළ නොහැකි විය.

ගස්කපා කඳුකර ප්‍රදේශ තේ වගාවට එලි කිරීම, වතු කළමනාකරණය චන්ද්‍රිකා ජනපති සමයේ පුද්ගලික අංශයට පැවරීමෙන් පසුව කඳු ප්‍රදේශවල වනගහනය කපා වතු පාලකයින් විසින් විකුණා ගැනීම. වැලි, පස් හැරීම මැණික් හා වර්ණවත් පාෂාන ගලවා විකිනීම, කඳු ආශ්‍රිව සිදුවන ගල් කැඩීම, හා බැකෝ යන්ත්‍ර මගින් කඳු ආසන්නයේ හැරීම්  ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා විපත් කැඳවා ගනිමින් තිබේ. රජයක් නැත. නීති රීති නැත. ධනය හා ලාභය සෙවීම එකම අරමුණ ලෙස සියලූ දේ වනසමින් පොහොසත් වීමට සුලු පිරිසකට ඉඩ ලැබෙන අතර බහුතර ජනතාව විපතට හා ඛේදවාචකයන්ට මුහුණ දෙමින් සිටී.

ඊනියා සංවර්ධන මාවත හා පරිසර විනාසය නිසා කඳු පැලී පිපිරි නායා යමින් ගම්බිම් යටවෙමින් තිබේ. වර්ෂා ජලය එකවිට ගංගාවන්ට එකතුවීම නිසා ජලගැලීම් එමටය. ගංගා නිම්න ආශ්‍රිතව ජලය බැසයන මාර්ග අවහිර කර තැනූ ගොඩනැගිලි ජලය බැසයාමට බාධකයක්ව පවතින අතර පොලව ගිලා බැසීම්ද  සිදුවේ. කුණු කඳු ගැසී පිටාර ජලය සමඟ මුසුවීම නිසා පහත් බිම්වල ජනතාව නරකාදියක ජීවත්වීමට නියම කර තිබේ.  අනතුරුදායක පෙදෙස්වල ජීවත්වන සියලූ ජනතාවට ඛෙදා දිය හැකි ආරක්ෂිත රාජ්‍ය ඉඩම් එමටය. වගාවන් හා පාලකයින් ආරක්ෂිත බිම්කඩවල ස්ථානගතව සිටින අතර වැඩකරන ජනතාව  හා දුගී ගම්වැසියන් අනතුරට භාජනය වෙමින් තිබේ. මෙම අසාධාරණය අවසන් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩම් ප්‍රතිසංස්කරණයක උවමනාව හා අධිරාජ්‍යවාදීන්ට යටත් නොවන රටට ගැලපෙන සංවර්ධන මාවතක් තෝරා ගැනීම වැඩබිම ගොවිබිම වෙලාගත් ප්‍රමුඛ ප්‍රශ්ණයක් වී තිබේ.

තිලක්

2016-06-07

2016 මැයි දිනයේදී වැඩකරන ජනතාව හා පොදු ජනතාව මුහුණදෙන අභියෝග

මිනිසත්කමත් ජෛව ගෝලයත් නව ලිබරල්වාදයේ වෙළ‍ඳ පොලයි. 

පැය 8 වැඩ දිනයක් ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලා ඇරඹුනු චිකාගෝ නුවර හේමාර්කට් කම්කරු සටන කෙලවර වූයේ සටන්කරුවන් වෙඩි පහරින්, සිර දඩුවමින් හා එල්ලුම්ගසින් යටපත් කිරීමේ අභිලාශයෙනි.  නීතියත්, බලයත් කර්මාන්ත හිමිකරුවන්ගේ අයිතියක් විය.ලෙයත්, දහඩියත්, ජීවිතයත් මරණයත් කම්කරුවන්ගේ අයිතිය විය. වැඩකරණ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිවිදුන් විරුවන් සැමරුම් පලමුව චිකාගෝ අවට නගර වලත්, ඇමරිකාවේත්, පසුව යුරෝපයේත් වේගයෙන් පැතිරී ගියේය. අසාධාරණයන්ට විරුද්ධව ලෝකය පුරා වැඩකරන ජනතාව එකාවන්ව පෙල ගැසෙමින් අතිතාවර්ජනයෙන් යුතුව අභියෝගාත්මකව වර්තමානයේ සමරනු ලබන්නේ 130 වෙනි ලෝක කම්කරු සැමරුමයි.

අධිරාජ්‍යවාදී රාජ්‍ය රාමුව හෙවත් නව ලිබරල්වාදය

කම්කරු ශ්‍රමය සූරාකෑම පදනම් කර ගෙන වැඩුනු රාජ්‍ය ධනපති ක්‍රමය දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව තම රටවල කම්කරුවන් සූරාකන අතර, දුප්පත් රටවල ජනතාවද සම්පත් ද සූරාකමින් සීඝ්‍රයෙන් වැඩුනු අධිරාජ්‍යවාදයක් බවට පත් විය. මෙහි ප්‍රමුඛත්වය ඇමරිකාව මුල්වූ රාජ්‍ය පද්ධතියට හිමිවූයේ ඔවුන් ලැබූ යුද්ධ හා තාක්ෂණික ශක්තිය මතය. යම් අභියෝගාත්මක පියවරක් පැවතියේ සෝවියට් සංගමය පැවති යුගයේදීය. එම රාජ්‍ය පද්ධතිය බිඳවැටීමෙන් පසුව ලෝකයේම ඒකායන මාර්ගය ලෙස නව ලිබරල්වාදය ඇමරිකානු රාජ්‍ය පද්ධතියේ මෙහෙයුම විය. මෙහි ප්‍රමුඛ ලක්ෂණය වන්නේ සියලු සම්පත් වෙළපොල තිරණයට යටපත් කිරීමය. එහිදී ධනය බලය මත ලාභය හා වාසිය එක් දෙසකට ගමන් කිරීම සිදුවේ. බැංකු හා මුල්‍ය ප්‍රග්ධනය ප්‍රමුඛ තත්ත්වයට පත්වන අතර නිෂ්පාදන ප්‍රග්ධනයට වඩා මුල්‍ය ප්‍රාග්ධන මෙහෙයුම් ප්‍රමුඛත්වයට පත් විය. නිෂ්පාදන කේෂ්ත්‍රෙය් කම්කරු ශ්‍රමය ඉක්මවමින් සේවා කේෂත්‍රෙය් කම්කරු ශ්‍රමයට ප්‍රමුඛත්වයක් හිමිවිය. ස්ථිර සේවා වෙනුවට අසංවිධිත වැඩකරන ජනතා කේෂ්ත්‍රයක්ද බිහි විය.  මෙයට තොරතුරු තාක්ෂණයේ වාසිය එක්වී ඇති අතර තාක්ෂණික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වාසිය ජනතාවට ලබාදීමේ මුවාවෙන් ජනතාව අධිරාජ්‍යවාදී රාමුව තුල රැහැන් ගතකර හසුරුවා ගැනීම සිදු කරමින් තිබේ.  මෙම සියළු වර්ධනයන් අවසානයේ වැඩකරන ජනතාව වඩාත් කාර්යක්ෂම සූරාකනු ලබන ලෝක බලයක් ලෙස ඉස්මතුව තිබේ. (Click here to Read More)

පුද්ගලික අංශයේ 2500/- දීමනාව  සැමගේ හිමිකමකි

පුද්ගලික අංශයේ සේවයකයින්ට ගෙවිය යුතු රු.2500/- දීමනාව කුඩා හා මධ්‍යම පරිමානයේ පමණක් නොව අසංවිධිත කොන්ත්‍රාත්, ශ්‍රම බලකා (මෑන් පවර්), කුඩා හෝටල් හා ගෘහ සේවිකාවන්ටද අදාල වන බව ලිය අභිමානි සංවිධානයේ සංවත්සරයේදී වාසුදේව මන්ති්‍රවරයා ප්‍රකාශ කර තිබේ. එය මේ වසරයේ ජනවාරි සිට ලබා ගත හැකිව තිඛෙන බවද කම්කරු අමාත්‍යාංශයේ නිලධාරියෙක් විසින් දන්වා තිබේ.

බාලගිරි දෝෂයට ගොදුරුවී කලක් තිස්සේ පමා වෙමින් තිබූ කම්කරු අමාත්‍යවරයාගේ අප්‍රතිහත ධෛර්යෙන් සම්මත වූ 2500/- යෝජනාව වැඩකරන ජනතාවගේ පු`ඵල් කේෂත්‍රයන්ට ලබා ගැනීම වෙනුවෙන් සැවොම දැනුවත්ව කි්‍රයාත්මක විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් සරත් පද්මදාස සහෝදරයා පෙන්වා දී ඇත.

කොළඹ නාගරික මන්ති්‍ර මහින්ද කහඳගම සහෝදරයා මැදිහත්ව අසංවිධිත කේෂත්‍රයේ රැකියාවල නියුතු සේවකයින් වෙනුවෙන් නව සංවිධානයක් ගොඩ න`ගමින් කොළඹ නගරයේ  හෝටල්, සු`ඵ ව්‍යාපාරික, කාර්මික ආයතනවල හා ගෘහ සේවයද ඇතුලුව සේවයේ යෙදෙන සිය`ඵ සේවකයිනට රු.2500/- අයිතිය ලබා දීම සඳහා වැඩපිලිවෙලක් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තාවේ.

වතු කේෂත්‍රයේ කම්කරුවන්ට මෙම දිමනාවේ හිමිකම පැවතියද වැඩ දින අනුව දීමනාව දිනකට රු.100/- ක කොටස් ලෙස ගණන් ගැනේ. බොහෝවිට වතුවල දින 10-12 අතර වැඩ ලැඛෙන බැවින් රු.2500/-ක දීමනාවක් නොලැබේ.  අඩු මුදලක් ලැඛෙන බැවින් වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා වන  ආකාරයෙන් මෙම දීමනාව ගෙවිම ගැන සමාගම් සම`ග වතු වෘත්තීය සමිති නව එක`ගතාවයකට පැමිණය යුතු බව එක්සත් ලංකා වතු කම්කරු සමිතියේ ප්‍රධාන ලේකම් රාජු බාස්ක්රන් මහතා ප්‍රකාශ කර ඇත.

වෙළඳ කලාපයේ ස්ථීර සේවා ස්ථානවල පාලකයින් විවිධ හේතු දක්වමින් 2500/- දීමනාව අඩුකර ගෙවීමේ උත්සාහායන් පවතින බව නිදහස් වෙළඳ කලාප සේවක වෘත්තීය සමිතිය විසින් පෙන්නා දී තිබේ. මතුවන තත්ත්වයකට තන තනි සමිති ලෙස මුහුණ දිය නොහැකි බැවින් ඒකාබද්ධ වෘත්තීය කි්‍රයාකාරිත්වයක් ඇති කර ගත යුතුව තිබේ.

–              වැඩබිම ජන බලය-

80 වර්ජකයින්ට නැවතත් හිරිහැර.රු.6000/- වර්ජක දීමනාව ලබාදියව්.

මෙතෙක් 80 ජූලි වර්ජකයින්ට මාසික දීමනාවක් ලෙස ගෙවනු ලැබූ රු.6000/- බැගින් වූ මාසික දීමනාව කිසිදු දැනුම්දීමකින් තොරව පසුගිය ජනවාරි මස සිට නවතා ඇති අතර එක්වර ගෙවන රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ. මෙම අසාධාරණයට විරුද්ධව 80 ජූලි වර්ජකයින්ගේ රැස්වීමක් මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී  පසුගිය මාර්තු 05 වෙනිදා පැවැත් වු අතර 6000/- මාසික දීමනාව ලබා ගැනීම, මියගිය වර්ජකයින්ගේ වැන්දඹුවන්ටද, මෙතෙක් හිමිකම් නොලැබුනු වර්ජකයින්ටද මෙම දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමින් යෝජනා සම්මත කර ගැණුන බව සමස්ත ලංකා රජයේ ගොඩනැගිලි කාර්මික සංගමයේ ගරු සභාපති පී.කේ. සිරිසේන සහෝදරයා  විසින් ශක්තියට වාර්තා කර ඇත.