“Social Protection and Sustainable Development Goals: A Joint Agenda”

This document outlines the main results derived from the event that brought together Core Group members of the Global Coalition for Social Protection Floors and Latin American social protection experts for three days in Buenos Aires. The exchange with the experts over the first two days resulted in technical and methodological recommendations as to how best to link Social Protection Floors and Social Development Goals, as well as a thorough analysis of the social protection challenges and opportunities in each world region. The third and last session dealt with future planning for the Coalition and resulted in several concrete decisions. It was agreed that the GCSPF ought to focus on helping build national coalitions in four selected countries (Zambia, Myanmar, India, El Salvador), as well as supporting one regional coalition, that of the Southern Cone in South America. Significant progress was also made with regard to future plans for the drafting of a resolution to be presented at ECOSOC and in connection with updating the Coalition Terms of Reference. It was also agreed that Coalition members will write shadow reports on the countries that the UN Committee on Economic, Social and Cultural Rights will be monitoring. Finally, a new administrative arrangement was set up, with FES securing the necessary funds to support one person from Social Watch to take over all Coalition-related administrative duties.

Click Here to Read Full Report

 

ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේ ඉතිහාසය අසමානත්වයට එරෙහි අරගලයේ කේන්ද්‍ර‍ය වන්නේය.

…අප පෙරමුණට, පෙරමුණට ළඟාවන විට, අපි ශ්‍රේෂ්ඨ දිනයන් ගෙන එන්නෙමු.

ස්ත්‍රීන්ගේ නැගිටීමෙන් මිනිස් වර්ගයාගේ නැගීම අදහස් වන්නේය.

වහලා සහ අලසයා තවදුරටත් නොමැත– එකකු ගිමන් හරින විට දහයක් වෙහෙසව වැඩ කරති.

එනමුත් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයන් බෙදා ගැනීමක් : පාන් සහ රෝස මල් ! පාන් සහ රෝස මල් !

 -1911 දී ජේම්ස් ඕපෙන්හෙයිම් ලියන ලද කවියකි-

1907 මූලාරම්භය

ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේ මූලාරම්භක සිදුවීම් අපට දැකිය හැකි වන්නේ 1907 දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඇගලුම් කර්මාන්තයේ යෙදී සිටි ස්ත්‍රී කම්කරුවන්ගේ පෙළපාලියකිනි. ඇඟලුම් කම්කරුවන්ගේ සේවා තත්ත්වයන් නඟා සිටුවීම සහ ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබා ගැනීමේ ඉල්ලීම පදනම් කරගෙන ඇඟලුම් කර්මාන්තයේ යෙදී සිටි ස්ත්‍රී කම්කරුවන් 15,000 ක් පමණ නිව්යෝර්ක් නගරය හරහා පෙළපාලි දැක්වූහ.  1857 ස්ත්‍රී කම්කරුවන්ගේ පෙළපාලියට එල්ලවූ අමානුෂික පොලිස් ප්‍ර‍හාරය පිළිබඳ මතකය සනිටුහන් කිරීම මෙන්ම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, හොඳ වැටුපක් ලබා ගැනීම සහ ඡන්ද අයිතිය ලබා ගැනීම මෙම පෙළපාලියේ ඉල්ලීම් වූහ.

එහෙත් ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේ සමාජවාදී මූලයන් පිළිබඳව අවධානය කරන්නවුන් පවසනුයේ ඉහත සිද්ධීන් ජාත්‍යන්තර ස්ත්‍රී දිනයට අදාළ සිද්ධීන් නොවන බවත්, ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේ සමාජවාදී මූලයන් අකාමකා දැමීමට ‘ශීතල යුද්ධය‘ සමයේදී නිර්මාණය කරන ලද මිත්‍යාවක් වන බවත්ය.

1909 දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍ර‍ථම ජාතික ස්ත්‍රී දිනය සැමරේ!

1909 පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍ර‍ථම ජාතික ස්ත්‍රී දිනය ( National Women’s Day ) පැවැත්විණ. එහිදී නිව්යෝර්ක් නගරයේ පැවති රැළිය ඇමතූ චාලට් පර්කින්ස් ජිල්මන් ( Charlotte Perkins Gilman) මෙසේ පැවසීය. “ ස්ත්‍රියගේ කාර්යභාරය ඇගේ නිවස සහ මාතෘත්වයට කේන්ද්‍රීයවී තිබීම සත්‍යයකි. එහෙත් නිවස යනු සම්පූර්ණ රටම ලෙස සැලකිය යුත්තේය. නිවස යන්න නගරයක හෝ ප්‍රාන්තයක හෝ කාමර තුන, හතරකට සීමා නොකළ යුත්තේය. “

 1910 දී දෙවන ජාත්‍යන්තර ස්ත්‍රී සමුළුව පැවැත්වෙයි.

දෙවන ජාත්‍යන්තරයේ මහා සමුළුවට ප්‍ර‍මයෙන්, දෙවන ජාත්‍යන්තර ස්ත්‍රී සමුළුව කෝපන්හේගන් නගරයේදී පැවැත්වූ අතර රටවල් 17 කින් පැමිණි ස්ත්‍රීන් 100 දෙනෙකු පමණ සහභාගිවූහ. මෙම ස්ත්‍රීහු වෘත්තීය සමිති, සමාජවාදී පක්ෂ සහ ස්ත්‍රී කම්කරුවන්ගේ මණ්ඩල නියෝජනය කළහ. ඒ අය අතර පින්ලන්තයේ පාර්ලිමේන්තුවට ප්‍ර‍ථමවරට පත්වී තිබූ ස්ත්‍රීන් තිදෙනාද ඇතුලත් වූහ. මෙම සමුළුවේදී ජර්මානු සමාජවාදිනියකවූ ලුයිස් සියෙට්ස් (Luise Zietz) විසින් ඊළඟ වසරේදී, එනම් 1911 දී ‘ජාත්‍යන්තර ස්ත්‍රී දිනය‘ පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙම යෝජනාව ඇගේ සමාජවාදී සගයෙකුවූ ක්ලාරා සෙට්කින් ( Clara Zetkin) විසින් ස්ථීර කරන ලදී. මෙහි ඇති සිත් ඇදගන්නා කරුණක් වනුයේ ක්ලාරා ෂෙට්කින් ස්ත්‍රීවාදීන්ගේ විරුද්ධවාදිනියක් වීමයි. එහෙත් ඇය ස්ත්‍රී කම්කරුවන්ගේ දුක්ඛිත තත්ත්වයන්ට අවධානය යොමු කිරීමට හැමවිටම උත්සාහ කළහ. කෙසේ වෙතත්, මෙම සැමරීම සඳහා නිශ්චිත දිනයක් එම සමුළුවේදී නියම නොකරන ලදී.

 1911 දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය තුළ ප්‍ර‍ථම ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරෙයි!

1911 මාර්තු 19 වන දින ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සමරනු ලැබිණ. මෙම වසරේදී ලෝකය පුරා පැවති ජාත්‍යන්තර ස්ත්‍රී දින රැළිවලට ස්ත්‍රීන් සහ පිරිමින් මිලියනකට වඩා සහභාගි වූහ. ඔස්ට්‍රියාව සහ හන්ගේරියාව තුළ පමණක් පොළපාලි සහ උද්ඝෝෂණ 300 කට වඩා පැවති අතර ලිංගික අඩු-සැලකිලි දැක්වීම අවසන් කිරීමටත්, වැඩ කිරීමට ස්ත්‍රීන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීමටත්, ඡන්ද බලය ලබා ගැනීමටත්, වෘත්තීය පුහුණුව ලබා ගැනීම සහ දේශපාලන හා පරිපාලන ආයතන තුළ තනතුරු දැරීමට අයිතිය සඳහාත් ඔව්හු හඬ නැඟූහ.

Triangle fire1911 මාර්තු 11 දා, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබූ “ත්‍රිකෝණ කමිස පැක්ටරියේ“ ඇතිවූ ගින්නට අවාසනාවන්ත ලෙස කම්කරුවෝ 140 කට වඩා  බිලිවූහ.  මින් වැඩි දෙනෙකු ඉතාලි සහ ජුදා ජාතික සංක්‍ර‍මණික ස්ත්‍රී කම්කරුවෝ වූහ. මෙම ගින්න පිළිබඳව විභාග කිරීමට කොමිෂමක් පත් කරන ලදී. මෙම කාලය තුළ පැවති ස්ත්‍රීන්ගේ උද්ඝෝෂණවල ප්‍ර‍තිඵලයක් වශයෙන් පොදුවේ ගත් කළ ඇඟලුම් කම්හල්වල කම්කරුවන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳව රජයේ කම්කරු නීති රීති කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදී. මේ අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර ස්ත්‍රී දින සැමරුම් වල  කේන්ද්‍ර‍ය වනුයේ ස්ත්‍රී කම්කරුවන්  බවයි.

1912 ‘පාන් සහ රෝස මල්‘

 වඩා හොඳ සහ ආරක්ෂිත සේවා තත්ත්වයන් සහ ඉහළ වැටුප් සඳහාවූ ඉල්ලීම ඉදිරියට ගෙනයාම ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ලෝරන්ස් පෙහෙකම්‘ වර්ජනයේ අරමුණ විය. මෙම වැඩ වර්ජනයේ ආසන්නම හේතුව වූයේ කම්කරුවන්ගේ වැටුප් පහත දැමීමට ප්‍ර‍තික්‍රියා දැක්වීමය. මූලික වශයෙන් මෙම වැඩ වර්ජනයට නායකත්වය දෙන ලද්දේ සංක්‍ර‍මණික ස්ත්‍රී කම්කරුවන්ය. “ පාන් සහ රෝස මල්“ යන සටන් පාඨය මෙම වැඩ වර්ජනය තුළින් මතුවූයේ යැයි කියැවේ. එනමුත් මෙම යෙදුම පළමුවෙන් සඳහන්වී ඇත්තේ 1911 දී ජේම්ස් ඕපෙන්හෙයිම් ලියන ලද කවියක් තුළය.

Bread abd RosesAs we come marching, marching, we bring the greater days.

The rising of the women means the rising of the race’

No more the drudge and idler – ten that toil where one reposes,

But a sharing of life’s glories : Bread and roses! Bread and roses!

 1914 1916 යුධ කාලීන උද්ඝෝෂණ ව්‍යාපාරය

 මෙම කාලය අතරතුර යුරෝපය පුරා ස්ත්‍රීහු යුධ විරෝධී ව්‍යාපාරයට සහයෝගය දක්වමින් උද්ඝෝෂණ හා රැළිවලට සහභාගිවූහ. එම යුධ විරෝධී ව්‍යාපාරයට සහයෝගතාවය ප්‍ර‍කාශ කළහ. සාමය සඳහා උද්ඝෝෂණ ව්‍යාපාරයේ යෙදෙන අතරම,  රුසියානු ස්ත්‍රීහු සිය ප්‍ර‍ථම ජාත්‍යන්තර ස්ත්‍රී දිනය පැවැත්වූහ.

1917 දී රුසියාව තුළ දැවැන්ත උද්ඝෝෂණයන්

International_Womens_Day_1917.jpgරුසියන් විප්ලවයට ආසන්නව තිබියදී, රුසියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර දැකිය හැකිවිය. මෙම උද්ඝෝෂණවලට පදනම වූයේ ජීවන තත්ත්වයන් කඩා වැටීම, අත්‍යාවශ්‍ය ආහාර සැපයුම අඩුවීම, භාණ්ඩ හිඟයට විරෝධය දැක්වීම විය. මෙහිදී ප්‍ර‍ධාන වශයෙන් ස්ත්‍රීහු ප්‍ර‍මුඛත්වය ගත් අතර පුරුෂයන්ද සම්බන්ධවී සිටියහ. 1917 පෙබරවාරි මස අවසාන ඉරුදින පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට රුසියන් ස්ත්‍රීවාදිනියකවූ ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායි විසින් නායකත්වය දෙන ලදී. ( ජෝර්ජියන් කැලැන්ඩරයට අනුව මෙම දිනය මාර්තු 08 වන්නේය.) අනතුරුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අනුස්මරණය කරමින් සෝවියට් දේශය 1922 පටන් පෙබරවාරි 23 දින (මාර්තු 08) ස්ත්‍රී දිනය සමරන ලද අතර 1922 දි ලෙනින් විසින් මෙම සැමරීම නිල වශයෙන් ප්‍ර‍කාශයට පත් කළේය.

1945 න් පසු කොමියුනිස්ට් ලෝකයේ සැමරීම්වලට සමගාමිව බහුවිධ සැමරීම් දක්වා වෙනස්වීම

සෝවියට් දේශය විසින් නිල වශයෙන් ප්‍ර‍කාශ කරන ලද හා 1949 දී චීනය විසින්ද නම් කරන ලද ජාත්‍යන්තර ස්ත්‍රී දිනය 1970 මැද භාගය දක්වාම නිල වශයෙන් සමරනු ලැබුවේ සමාජවාදී රටවල් තුළය.

1945 න් පසු වකවානුව තුළ, ජාත්‍යන්තර ස්ත්‍රී දිනය කම්කරු පංති ස්ත්‍රීන්ගේ උද්ඝෝෂණ දිනයක තත්ත්වයේ සිට බහුවිධ ස්ත්‍රී දින දක්වා පරිවර්තනයකට ලක්විය.

1975 – 1977 : 1975 වර්ෂය ජාත්‍යන්තර ස්ත්‍රී වර්ෂය ලෙස නම් කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍ර‍ථමවරට ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරීම

 1975 වර්ෂය ‘ජාත්‍යන්තර ස්ත්‍රී වර්ෂය‘ ලෙස නම් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 වනදා ‘ජාත්‍යන්තර ස්ත්‍රී දිනය‘ සැමරීම ආරම්භ කරන ලදී. අනතුරුව, එනම් 1977 දෙසැම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරමින්, මාර්තු 08 වනදා “ ස්ත්‍රී අයිතීන් සහ ජාත්‍යන්තර සාමය සඳහාවූ එක්සත් ජාතීන්ගේ දිනය“ වශයෙන් ප්‍ර‍කාශයට පත් කළේය.

“United Nations Day for Women’s Rights and International Peace to be observed on any day of the year by Member States, in accordance with their historical and national traditions.”

මේ ආකාරයෙන් ‘ජාත්‍යන්තර ස්ත්‍රී දිනය‘ කම්කරු ස්ත්‍රීන් ඇතුළු පීඩිත ස්ත්‍රීන්ගේ පීඩනයට හා අඩු සැලකිලි දැක්වීමට එරෙහිව නැඟී සිටින හා උද්ඝෝෂණය කරන පීඩිතයන්ගේ දිනයක් වෙනුවට ලෝකයේම සිටින පීඩකයන්ගේ (ධනපති පාලකයන්ගේ) උත්සව දිනයක් බවට ‘ජාත්‍යන්තර ස්ත්‍රී දිනය‘ ලඝු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය යත්න දරා ඇත.

සැකසුම: විල්ප්‍ර‍ඩ් සිල්වා

මූලාශ්‍ර‍: https://iwd.uchicago.edu/page/international-womens-day-history

ඕනෑම තැනක, ඕනෑම වෙලාවක වැඩ කිරීම: වැඩ කරන ජනතාවගේ ජීවිතයට ඇති කරන බලපෑම!

Imageනවීන ජංගම දුරකථන, ටැබ්ලට්, ජංගම පරිගණක හා පුද්ගලික පරිගණක කාර්යාලවලත්, නිවාසවලත්, මහමග හෝ වෙනත් ඕනෑම තැනක සිට පාවිච්චි කළ හැකි ආකාරයෙන් ඩිජිටල් තාක්ෂණය ව්‍යාප්තවීම නිසා සම්ප්‍ර‍දායිකව මිනිසා වැඩ කළ පිළිවෙල ඉතා වේගයෙන් වෙනස් වෙමින් ඇත. මෙමගින් ගමනාගමනයට ගත කරන කාලය අඩුකර ගැනීම සහ නිශ්පාදකතාව නැතහොත් ඵලදායිතාවය වැඩි කර ගැනීමට හැකිවීම නිසා වැඩ කිරීම සහ පුද්ගලික ජීවිතය ගෙනයාම අතර පවතින සමතුලනය වර්ධනය කළ හැකිවී ඇති නමුත් එහි ප්‍ර‍තිඵලයක් වශයෙන් කම්කරුවකු නැතිනම් සේවකයකු දිනකට වැඩ කරන පැය ගණන අමතර ගෙවීමකින් තොරව වැඩිවීමටත්, වැඩ කරන වේගය අධිකවීමටත්, වැඩපල සහ ගෙදර අතර සමතුලනය බිදවැටී මෙතෙක් නොවූ අමතර ප්‍ර‍ශ්න පැන නැගීමට හේතුවී ඇති බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා යුරෝපවුන්ඩ් (ILO – Eurofound) යන සංවිධාන ප්‍ර‍ාශයට පත්කර ඇති නව වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

මෙම සංවිධාන දෙක විසින් යුරෝපීය සංගමයට අයත් රටවල් 10 ක් සහ ආර්ජන්ටිනාව, බ්‍ර‍සීලය, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් 15 ක කරන ලද මෙම සමීක්ෂණයේ වාර්තාව එළි දක්වා ඇත්තේ “Working anytime, anywhere: The effects on the world of work” යන නමිනි.

මෙම වාර්තාව ඉංග්‍රීසියෙන් කියවීමට මෙම සම්බන්ධනය ටික් කරන්න.

මේ පිළිබඳව හොඳම උදාහරණය වනුයේ 2016 වසරේදී ප්‍ර‍ංශයේ ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරමින් ( පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය නොමැති තත්ත්වය යටතේ) හා වෘත්තීය සමිති හා වැඩ කරන ජනතාවගේ දැවැන්ත විරෝධය නොසලකා ක්‍රියාත්මක කරන ලද නව කම්කරු රෙගුලාසි මගින් ප්‍ර‍ංශයේ වැඩ කරන ජනතාවට තම නිල සේවා කාලයෙන් පසුවද කාර්යාලයේ වැඩ නොකඩවා කරගෙන යාමට බලකර ඇත. මෙම නව රෙගුලාසි 2017 වසරේ සිට ක්‍රියාත්මක වන්නේය. ඒ නිසා මින් ඉදිරියට කාර්යාල සේවා කාලයෙන් පසුව තමන්ට ලැබෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, ඊමේල් විමසුම්වලට පිළිතුරු යැවීමටත්, අනිකුත් කාර්යාලීය අවශ්‍යතා අන්තර්ජාලය පාවිච්චි කර ඉටුකිරීමටත්  සේවකයන්ට සිදු වන්නේය. මේ සදහා අමතර ගෙවීමක් නොකෙරෙන හෙයින් ගෙවීමකින් තොරව වැඩිපුර වැඩ ගැනීමේ ක්‍රියාදාමයක් මින් ජනිත වන්නේය.

නව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මගින් 21 වන ශත වර්ෂය තුළ දෛනිකව වැඩ කිරීම හා පුද්ගලික ජීවිතය විප්ලවීයකරණය කර ඇත. එම තාක්ෂණය මගින් ජනතාවට තම මිතුරන් හා පවුලේ අය සමග මෙන්ම තම වැඩපළේ සගයන් හා විධායක නිලධාරීන් සදමගද සම්බන්ධතා පැවැත්වීම පහසු කර ඇත. මෙසේ සම්බන්ධතා පැවැත්වීම ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක කළ හැක. එහෙත් මෙම නව තාක්ෂණය වැඩි වැඩියෙන් වැඩ කරන ජනතාව සූරාකෑමේ මෙවලමක් වශයෙන් යොදා ගැනීම වැඩ කරන ජනතාව වෙත එල්ලවී ඇති නව අභියෝගයක් වන්නේය.

සැකසුම: විල්ප්‍ර‍ඩ් සිල්වා

FTUDC Helps Flood Victims in Sri Lanka

Free Trade Union Development Centre (FTUDC) and Sri Lanka Pre-School Teachers Association collected and distributed dry foods within the Free School Teachers, who were victims of the recent floods in Sri Lanka.

Since 14 May 2016, Storms, deadly floods and Landslides in Sri Lanka have caused at least 100 dead, another 100 persons missing, 1000 of  homes destroyed, nearly 300,000 displaced.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසාත්, කැළණි ගඟ ගොඩ ගැලීම නිසාත් වර්ෂා ජලය බැසයාමට ඉඩක් නොමැතිවීම  හේතුවෙන් ජනතාව විශාල අපහසුතාවයකට පත්වී තිබේ. නිදහස් වෘත්තිය සමිති සංවර්ධන මධ්‍යස්ථානයට සම්බන්ධ ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය විසින් එකතු කර ගත් වියලි ආහාර විපතට පත් ගුරුවරියන් වෙත බෙදාදීම 2016-05-25 වෙනි දින සිදු කරන ලදි.

මෙම චාරිකාවේදී කඩුවෙල සිට වැල්ලම්පිටිය දක්වා ස්ථාන කීපයක රැදී සිටි පිරිස් මුණ ගැසී ආධාර ලබා දෙන ලදි.

Flood_Sri Lanka-01

 

Providing Dry Foods for the Free School Teacher at Wellampitiya ,who was one of the victim the floods

වැල්ලම් පිටිය ප්‍රදේශයේ විපතට පත් පෙර පාසල් ගුරුවරියක් මුණගැසී ආධාර දීමෙන් අනතුරුව,

 

Flood_Sri Lanka-02

Pre school at I.D.H. completely destroyed by the floods. Free School Teacher stay at the home of one of the student

අයි.ඩී.එච්. ප්‍රදේශයේ පෙර පාසල මුළුමනින්ම ජලයෙන් යට විය. ගුරුතුමිය ශිෂ්‍යාවකගේ නිවසේ රැදී සිටින විට සුවදුක් විමසීම

 

Flood_Sri Lanka-03

 

All the educational materials and books destroyed by the floods

ජලයට යටවීම නිසා  පෙර පාසලේ සියලු ලිපිලේඛන උපකරණ  විනාශ විය.

 

Flood_Sri Lanka-04

 

Flooding of Kelani river at Kaduwela near Rasara Free School, there was 8 feets water level and after flooding the water is still there.

කඩුවෙල රසාර පෙර පාසල අසල වාහන නැවතුම අඩි 8 ක් උසට  ජලයට යටවිය. ජලය බැසයාමෙන් පසුව

 

Flood_Sri Lanka-05

 

The water is still in side  of the Rasara Free School

රසාර පෙර පාසල ඇතුලත ජලය පිරී ඇති අයුරු

 

 

Flood_Sri Lanka-06

 

Free School Teachers are going to visit Kaduwela Pre-school with the help of Lorry Tube.

ලොරි ටියුබ් එකක ආධාරයෙන් කඩුවෙලදී යටවූ පෙර පාසල බැලීමට ගුරුවරියන් ගමන් ගත් ආකාරය

 

සමාජ සංරක්ෂණ තලයන් සහ පුළුල් සමාජ ආරක්ෂණ විධි ක්‍ර‍මයන් ගොඩනැගීම

ILO_Social_Protection

සමාජ සංරක්ෂණ තලයන් යනු මූලික සමාජ ආරක්ෂණය සහතික කිරීමට අවශ්‍ය වන්නාවූ ජාතික වශයෙන් හදුනා ගත් වැඩ පිළිවෙලකටය. එමගින් සියළුම පුරවැසියන් සදහා මූලික ආදායම් මාර්ගයක් සහතික කිරීමත්, අන්තර් ජාතිකව පිළිගත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහතික කිරීමත් අදහස්වේ.

 ප්‍ර‍ජාව අතර කෙරෙන සමාජ සංවාදයක් හරහා මෙම වැඩ පිළිවෙල ජාතික වශයෙන් හදුනා ගත යුතුව ඇති අතර එමගින් ජනතාවට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවකාශ ලබාදෙයි. තවදුරටත්, මෙම සහතිකයන් (ප්‍ර‍තිඥාවන්) නීතිය මගින් ස්ථාපිත කළ යුතු අතර නිතිපතා උපදේශනයට සහ ඇගයීමට ලක් කළ යුතුය.

 ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍ර‍ධාන සමාජ සංරක්ෂණ තලයන් 4 ක් හදුනා ගෙන ඇත.

 1. සෞඛ්‍ය ආරක්ෂණය සදහා පොදු පහසුකම් තිබීම:

  • ලෝක ජනගහණයෙන් සියයට 39% ක් ම කිසිම සෞඛ්‍ය ක්‍ර‍මයකට හෝ සෞඛ්‍ය වැඩ සටහනකට අනුබද්ධ වී නොමැත.
  • ලොව මුළු සෞඛ්‍ය සදහාවූ වියදමෙන් සියයට 41% ක්ම සාමාන්‍ය ගෘහස්ත පසුම්බියෙන් ගෙවීමට සිදුවී ඇත.
  • මිලියන 10.3 ක සෞඛ්‍ය සේවක හිගයක් ලෝක ව්‍යාප්ත වශයෙන් පවතී.

 2. ළමුන් සදහාවූ සමාජ සංරක්ෂණය:

  •  ලොව පුරා ළමුන්ගෙන් සියයට 50% ක් දුගීභාවය තුළ ජීවත්වෙති.
  • ළමා සහ පවුල් ප්‍ර‍තිලාභ (දීමනා) සදහා ලොව ආණ්ඩු විසින් වෙන් කරනු ලබන්නේ දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 0.4% කි. එහෙත් මීට වැඩි ආයෝජනයක් මේ සදහා අවශ්‍යවී ඇත.
  • විශාල වශයෙන් වැලැක්විය හැකි රෝග කාරක හේතුකොට ගෙන ළමයි 18,000 ක් දිනපතා මියයති.

3. වැඩ කරන වයසේ සිටින ජනයා සදහාවූ සමාජ සංරක්ෂණය:

  •  රැකියා විරහිතයන් සදහාවූ දීමනා (ගෙවීම්) ප්‍ර‍තිඵලදායක ලෙස ගෙවනු ලබනුයේ ලොව පුරා රැකියා විරහිත කම්කරු ජනගහණයෙන් සියයට 12% කට පමණි.
  • මාතෘත්වය සදහාවූ මුදල් දීමනා ලැබෙනුයේ ස්ත්‍රී කම්කරුවන්ගෙන් සියයට 28% කටය.
  • රැකියාවට සම්බන්ධ (ආශ්‍රිත) අනතුරු සහ ලෙඩ රෝග සදහා ආරක්ෂණ ක්‍ර‍ම පවතිනුයේ ලොව කම්කරැ ජනගහණයෙන් සියයට 39% කට පමණි.

 4. විශ්‍රාමික සහ මහළු පුද්ගලයන් සදහාවූ රැකවරණය:

  • විශ්‍රාමික වයස පසුකර ඇති ජනයාගෙන් සියයට 49% කට කිසිම විශ්‍රාම වැටුපක් නොලැබේ.
  • විශ්‍රාමික වැඩ සටහනකට දායකවී ඇත්තේ වැඩ කරන කම්කරුවන්ගෙන් (වයස 15 ට වැඩි) සියයට 41% ක් පමණි.
  • මහළු පුද්ගලයන් මිලියන 300 කට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ආදායම් මාර්ගයක් හෝ ආරක්ෂණයක් නොමැත.