ජනමාධ්‍ය නිවේදනය                                                                                     2016-05-01

මිනිසත්කමත් ජෛව ගෝලයත් නව ලිබරල්වාදයේ වෙළ‍ඳ පොලයි

පැය 8 වැඩ දිනයක් ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලා ඇරඹුනු චිකාගෝ නුවර හේමාර්කට් කම්කරු සටන කෙලවර වූයේ සටන්කරුවන් වෙඩි පහරින්, සිර දඩුවමින් හා එල්ලුම්ගසින් යටපත් කිරීමේ අභිලාශයෙනි.  නීතියත්, බලයත් කර්මාන්ත හිමිකරුවන්ගේ අයිතියක් විය.ලෙයත්, දහඩියත්, ජීවිතයත් මරණයත් කම්කරුවන්ගේ අයිතිය විය. වැඩකරණ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිවිදුන් විරුවන් සැමරුම් පලමුව චිකාගෝ අවට නගර වලත්, ඇමරිකාවේත්, පසුව යුරෝපයේත් වේගයෙන් පැතිරී ගියේය. අසාධාරණයන්ට විරුද්ධව ලෝකය පුරා වැඩකරන ජනතාව එකාවන්ව පෙල ගැසෙමින් අතිතාවර්ජනයෙන් යුතුව අභියෝගාත්මකව වර්තමානයේ සමරනු ලබන්නේ 130 වෙනි ලෝක කම්කරු සැමරුමයි.

අධිරාජ්‍යවාදී රාජ්‍ය රාමුව හෙවත් නව ලිබරල්වාදය

කම්කරු ශ්‍රමය සූරාකෑම පදනම් කර ගෙන වැඩුනු රාජ්‍ය ධනපති ක්‍රමය දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව තම රටවල කම්කරුවන් සූරාකන අතර, දුප්පත් රටවල ජනතාවද සම්පත් ද සූරාකමින් සීඝ්‍රයෙන් වැඩුනු අධිරාජ්‍යවාදයක් බවට පත් විය. මෙහි ප්‍රමුඛත්වය ඇමරිකාව මුල්වූ රාජ්‍ය පද්ධතියට හිමිවූයේ ඔවුන් ලැබූ යුද්ධ හා තාක්ෂණික ශක්තිය මතය. යම් අභියෝගාත්මක පියවරක් පැවතියේ සෝවියට් සංගමය පැවති යුගයේදීය. එම රාජ්‍ය පද්ධතිය බිඳවැටීමෙන් පසුව ලෝකයේම ඒකායන මාර්ගය ලෙස නව ලිබරල්වාදය ඇමරිකානු රාජ්‍ය පද්ධතියේ මෙහෙයුම විය. මෙහි ප්‍රමුඛ ලක්ෂණය වන්නේ සියලු සම්පත් වෙළපොල තිරණයට යටපත් කිරීමය. එහිදී ධනය බලය මත ලාභය හා වාසිය එක් දෙසකට ගමන් කිරීම සිදුවේ. බැංකු හා මුල්‍ය ප්‍රග්ධනය ප්‍රමුඛ තත්ත්වයට පත්වන අතර නිෂ්පාදන ප්‍රග්ධනයට වඩා මුල්‍ය ප්‍රාග්ධන මෙහෙයුම් ප්‍රමුඛත්වයට පත් විය. නිෂ්පාදන කේෂ්ත්‍රෙය් කම්කරු ශ්‍රමය ඉක්මවමින් සේවා කේෂත්‍රෙය් කම්කරු ශ්‍රමයට ප්‍රමුඛත්වයක් හිමිවිය. ස්ථිර සේවා වෙනුවට අසංවිධිත වැඩකරන ජනතා කේෂ්ත්‍රයක්ද බිහි විය.  මෙයට තොරතුරු තාක්ෂණයේ වාසිය එක්වී ඇති අතර තාක්ෂණික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වාසිය ජනතාවට ලබාදීමේ මුවාවෙන් ජනතාව අධිරාජ්‍යවාදී රාමුව තුල රැහැන් ගතකර හසුරුවා ගැනීම සිදු කරමින් තිබේ.  මෙම සියළු වර්ධනයන් අවසානයේ වැඩකරන ජනතාව වඩාත් කාර්යක්ෂම සූරාකනු ලබන ලෝක බලයක් ලෙස ඉස්මතුව තිබේ.  

වැටුප් වැඩිවීම හා උද්ධමනය මුර්ත වැටුප අඩුවීම

වැටුප් වැඩි කිරීම පාලන තත්ත්‍රයන් හුවමාරු කරගන්නා ආයුධයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පවත්වා ගෙන යන රටවල සිදු කරන අතර, එයින් මතුවන උද්ධමනය හා මූර්ත වැටුප අඩු කිරීම සඳහා මුදල් වටිනාකම ඉලක්කම්වලින් වැඩි කර පෙන්නා දීම උපක්‍රමය ලෙස පවතී. සියළු දෙනා ණය මත දුවන යන්ත්‍රයක බැඳ දමා ඇති අතර හැමගෙන් එකතුවන ණය වාරික හා සේවා ගාස්තු බැංකු ක්‍රමය ඔස්සේ පරිදියේ රටවල සිට කේන්ද්‍රය දක්වා හැම තප්පයරක සිටම වේගයෙන් ගමන් කරමින් තිබේ. වෙළඳපොල පවත්වා ගෙන යාමේ ප්‍රමාණය මත රටවල් වලටත්, ජනතාව වෙතටත් කොන්දේසි සහිත ණය මුදා හැරිමේ අතරමැදි ආයතන ලෙස ජාතික රාජ්‍ය පවත්වා ගෙන යනු ලබන අතර ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන මගින් කොන්දේසි හා එකඟතාවන් පවත්වා ගෙන යනු ලබයි.

 ලෝක ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව වෙත මුදාහැරීම

පවතින ලෝක ආර්ථික ක්‍රමය ඔස්සේ සම්පත් ඒකරාශී වන අනත, සම්බත් බෙදීයාමේ විෂමතාවය දිනෙන් දින තියුණු වෙමින් පවතී. වෙළඳපොල තුල භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට  වැඩකරන ජනතාවට ගෙවීම් සිදු නොකරන බැවින් හා ඔවුන්ද, නිෂ්පාදකයින්ද මුල්‍ය ප්‍රාග්ධනයේ ණය ග්‍රහණයෙන් මිරිකා තබාගැනීම නිසා  නිෂ්පාදකයින්ද අර්බූදයට ගමන් කරනු ලැබේ. එනිසා පරිදියේ රටවල පමණක් නොවන කේන්ද්‍රයේ රටවලටද ලෝක ආර්ථික අර්බූදය ගමන් කරමින් තිබේ. එහිදී බරපතල හානියට මුහුණ දෙන්නේ වැඩකරන ජනතාවය. ඔවුන්ගේ රැකියා අහිමිවීම හා ආදායම් අහිමිවීම් තුල වැඩකරන ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වන අතර පරිදියේ රටවල් ආර්ථික අර්බූදය තුල ඇද වැටී ප්‍රජාතන්ත්‍රවාදී රටාව අහෝසි වී අන්තවාදී පාලන තන්ත්‍රයන්ට නතුවීම ද සිදුවේ.   කේන්යේ රටවල් එම තත්ත්වය ප්‍රයෝජනයට රැගෙන සම්පත් කොල්ල කෑම වෙනුවෙන් යුද්ධමය ක්‍රියාදාමයන් මුදාහරිනු ලැබේ. එයින් පවතින සාමකාමී ලෝක රටාවටද තර්ජනයක් එල්ල වෙමින් පවතී. මැදපෙරදිග කලාපයේ සිදු වූ යුද්ධ ගැටුම දැනට යුරෝපයේ අනාථ ප්‍රශ්ණයක් බවට පෙරලුනි. මුස්ලිම් අන්තවාදී කල්ලි යුරෝපය තුලද පිපිරවීම් සිදු කරමින් ජන ජීවිතය අවුල් කරමින් තිබේ.

ජාතිවාදය පිටුදැක ජාතිකත්වය ඉමවූ ලාංකිකත්වයක්

මෙම පසුබිම තුල ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතා තීරණාත්මක ලෙස ආරක්ෂනවාදී පියවරක සිට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. එක් අතකින් වැටුප් වැඩි කර ගැනීම සඳහා වැඩබිම තුල, සේවා ස්ානයේ හා සුළු වෙලෙන්දා ස්වයං රැකියා කරුවා වෙළඳාම තුලද කටයුතු කිරීම අවශ්‍ය වේ. එහිද ලෝකයෙන් එල්ලවල පීඩනය ගැන අවබෝධයක් ඇති කර ගත යුතු අතර, එයට මුහුණදීම සඳහා රටත් ජනතාවත් එක්සත්ව අත්වැල් බැ‍ඳගත යුතුය. රට අභ්‍යන්ත්‍රයේ ජනවාර්ගිකව පවතින ගැටළු ජාතිවාදී මාවතකින් විසඳා ගත නොහැකි වන අතර, ජනවාර්ගික ජාතිකත්වයන් ශ්‍රී ලාංකිකත්වය තුල එක් කර ගැනීම සඳහා අවශ්‍ය විස‍ඳුම් පිලිබ‍ඳව එකඟත්වයක් ඇති කර ගත යුතුය. දැනට ලඟා කර ගෙන ඇති පළාත් සභා සහිත ඒකීය රාජ්‍ය රටාව එකඟත්වයෙන් වැඩිදියුණු කර ගැනීමට මාවත් සදා ගත යුතුය.

අධිරාජ්‍යවාදයෙන් ඔබ්බට ගිය සංවර්ධන මාවතක දර්ශනයක්

අධිරාජ්‍යවාදී ණය පොලී මාවත හා ණය මත පදනම් වූ වෙළඳපොල කොල්ලකාරී ආර්ථික මාවතෙන් බැහැර විය යුතු අතර, පරිසරයට, මිනිසාට හා ගහකොලට දරා ගත හැකි වස විස නැත ගොවිතැනක්, අසීමිත පාරිභෝගික උවමනාවන් ඉටු කර ගැනීමේ වෙළඳ පොලක් වෙනුවට තමන්ට අවශ්‍ය දෙය හා තමාගේ ආදායමට ගැලපෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගත හැකි  වෙළඳපොල තත්ත්වයක් නිර්මානය කර ගත යුතුය.

යූ.ඇන්.පී. ආණ්ඩුවේ මාවත හා වැඩකරන ජනතාව මුලා කිරීම

යූ.ඇන්.පී. සභාග ආණ්ඩුවේ මාවත වැඩකරන ජනතාව නැවතත් විපතකට පත් කරන දිසාවකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සම්ප්‍රදායික මුල්‍ය වෙළඳපොල රාමුවට කොටුවූ ආයතන ඔස්සේ ණය ලබා ගැනීම නිසා රට සංවර්ධනයකට වඩා අගාධයක ඇද වැටේ. රුපියල් දහ දායක වැටුප් වැඩිවීමක් පෙන්වා බලය ලබා ගෙන කොටසක් වැටුපට එකතු කර ඉතිරිව තවත් වසර 5ක් තිස්සේ එකතු කරන බවට බොරු පොරොන්දු දෙමින් සිටී.මෙම මවත ඔස්සේ ගමන් කිරීමෙන් සිදු වන්නේ තව තවත් ණය උගුලට හිර වෙමින් රටත් ජනතාවත් මිරිකා හරිමින් සම්පත් කොල්ල කෑම පමණි. වැඩි කළ වැටුප වැටි බදු වැඩි කිරීම ඇතුලු මිළ ඉහල දැමීම නිසා ඉතා කෙටිකලකින් වාෂ්ප වී යනු ඇත.

තාවකාලික ආණ්ඩු වෙනසක් අවශ්‍යයි

දැනටමත් රුපියල බාල්දු වෙමින් ඇත, තේ, රබර් කට්ටිකරුවන්ගේ නිෂ්පාදන අලෙවි කළ ගත නොහැකිව මිල පහල වැටෙමින් සිටී.  සුළු වෙළඳුන්ගේ ස්වයංරැකියා කරැවන්ගේ ආදායම් බිඳවැටී තිබී. නිසි මිලට වී අලෙවි කර ගැනීමට නොහැකිවීම හා  පොහොර සහනාධාරය කපා හැරීම නිසා ඉදිරියේදී රටතුල සාගත තත්ත්වයක් නිර්මාණය වීමේ අනතුරද පවතී. ගොවි ජනතාව සතු ඉඩම් විදේශිකයින්ට විකිනී යන ලෙස නීතිරීති සැකසීමේ නව යටත්විජිතයක තත්ත්වයක් නිර්මානය කරමින් තිබේ. අනෙක් අතට පැසිපික් මුහුදුදේ යුද්ධ උවමනාවන් සඳහා ඉන්දියානු සාගර කලාපයත් ත්‍රිකුණාමල වරායත්  ඇමරිකානු  නාවික හමුදාවට භාවිතා කිරීමට ඉඩකඩ දීමට හා රටතුල මතුවී ඇති ආර්ථික බි‍ඳවැටීමට පිලියම් ලෙස ඇමරිකානු යුද්ධ ආධාර ලබා ගැනීමේ උවමනාවකින් රනිල් අගමැතිවරයා පසුවෙන බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනජීවිතයටත් හානිදායක තත්ත්වයක් ඇති විය හැකිය. එබැවින් යූ.ඇන්.පී. සභාගයෙන් වෙන්වී වැඩකරන ජනතාවට හිතකාමී වූ  ඒකාබද්ධ ආණ්ඩුවක් ගොඩනැගීම මෙවර මැයි දිනයෙන් ඉදිරියට එළඹෙන කාලයේදී සිදු වනු ඇතැයි අපගේ බලපොරොත්තුව වේ.

ජී.වී.ඩී.තිලකසිරි

සභාපති

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ානය

2016 මැයි දිනයේදී වැඩකරන ජනතාව හා පොදු ජනතාව මුහුණදෙන අභියෝග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *